අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය දැඩි කිරීම කෙරෙහි රේගු වෘත්තීය සමිතිවල අවධානය යොමුවී තිබෙනවා.
ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට වෘත්තීය සමිති අද (04) පස්වරුවේ රැස්වීමට නියමිතයි.
දැනට දින 06 -ක සිට ක්‍රියාත්මක අකුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ වරායේ පමණක් කන්ටේනර 2000කට අධික සංඛ්‍යාවක් ගොඩගැසී ඇති බවයි රේගු වෘත්තීය සමිති සඳහන් කළේ.
ගෙවීගිය දින 06ක කාලය තුළ රජයට සිදුවූ පාඩුව රුපියල් බිලියන 08ක් පමණ වන බවයි සඳහන් වන්නේ.
ඊට අමතරව ඔරුගොඩවත්ත සහ තොටළග බහාලුම් අංගනවලද කන්ටේනර් විශාල සංඛ්‍යාවක් නිෂ්කාශණය කිරීමට නොහැකි වී ඇතැයි සඳහන්.
රේගු අධ්යක්ෂ ජනරාල් ලෙස කටයුතු කල පී. එස්. එම්. චාර්ල්ස් මහත්මිය ඉවත්කර ඒ වෙනුවට පරිපාලන සේවයෙන් බැහැර අයෙකු පත්කර ඇති බවට චෝදනා කරමිනුයි මෙම වෘත්තීය ක්‍රියා මාර්ගය ආරම්භ කෙරුණේ.