බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා අද(04) උදෑසන ගාලු මුවදොර පැවති ජාතික නිදහස් දින සැමරුමට සහභාගී වීමට පැමිණියේ සිය නීත්‍යානුකූල බිරින්දෑවරු දෙදෙනෙකුද සමඟයි.
ෆාතිමා සියාදා සාලි, රුස්නා අසාද් සාලි යන මහත්මීන් සහ අසාද් සාලි මහතාගේ බාල පුත්‍රයා ඒ අවස්ථාවට සහභාගී විය.
මෙම සිදුවීම සමාජජාල මාධ්‍ය තුල විශේෂ අවධානයක් දිනා ගැනීමට සමත් විය.
කෙසේ වෙතත් බිරින්දෑවරු දෙදෙනෙකු සමඟ ජාතික නිදහස් දින උළෙලේ විශේෂ අමුත්තෙකු ලෙස ප්රභූවරයෙකු සහභාගී වූ පළමු අවස්ථාව මෙය බවයි රාජ්‍ය පරිපාලන සහ ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ඉහළ නිලධාරියෙකු අප කල විමසුමකදී ප්‍රකාශ කලේ.
ඊට අදාළ වීඩියෝ දර්ශණ පහතින් දැක්වේ.