නිදහස් දිනයට විරුද්ධත්වය පළ කරමින් යාපනය විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී අද (04) කළු කොඩි ඔසවා විරෝධතාවය ප්‍රදර්ශනය කොට තිබෙනවා.
යාපනය විශ්වවිද්‍යාල සිසුන් පැවසූවේ උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් නොකිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් නොකිරීම ඇතුළු උතුරු නැගෙනහිර ජනතාව වෙනුවෙන් රජය ලබානොදුන් පොරොන්දු ඉටුනොකර රජය නිදහස් දින සැමරුමක් පැවැත්වීමට තමන් විරුද්ධ වන බවයි.
එබැවින් උතුරු නැගෙනහිර ජනතාවට සාධාරණය ඉටුකරන ලෙසට ඉල්ලීම් කරමින් තමන් කළු කොඩි ඔසවා විරෝධතාවය පළ කළ බවද විශ්වවිද්‍යාල සිසුන් සඳහන් කර සිටියා.
උතුරේ ආරක්ෂක අංශ සතු ඉඩම් නිදහස් කිරීම, දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම, අතුරුදහන්වූවන් සොයාදීම හා උතුරු නැගෙනහිර ජනතාවගේ ගැටළු වෙනුවෙන් විසදුම් ලබාදෙන ලෙසට ඉල්ලීම් කරමින් අතුරුදහන්වූවන්ගේ ඥාතීන්, දේශපාලන සිරකරුවන්ගේ ඥාතීන් අද වවුනියාව, කිලිනොච්චිය හා යාපනය දිස්ත්‍රික්යන්ගේ විරෝධතා වැඩසටහන්ද පවත්වනු ලැබුවා.







මාධව කුලසූරිය