මරණ දණ්ඩනය ක්‍රියාත්මක කල යුතු බන්ධනාගාර රැදවියන් සම්බන්ධ වාර්තාව ජනාධිපති කාර්යාලය වෙත යවා ඇතැයි අධිකරණ අමාත්‍ය තලතා අතුකෝරාළ මහත්මිය ප්‍රකාශ කලා. ඒ පසුගියදා වැලිමඩ ප්‍රදේශයේ පැවති රැස්වීමකදී.
“මරණ දඬුවම ගැන නම් ලැයිස්තුව යැවීමේ වගකීම අපි භාර දෙන්නෙ නීතිපති දෙපාර්තමේන්තුවට. බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ලැයිස්තුව ගෙන්න ගත්තා. 48ක් ඉන්නවා. 48න් 30 දෙනෙක් අභියාචනා කරලා තියෙනවා. ඉතුරු 18 දෙනාගේ තියෙන සියලුම කරුණු කාරණා පිළිබඳව හොයලා බලලා ඒ අය අනිවාර්යෙන්ම එල්ලලා මරන්න අදාළද කියලා බලලා ඒ වාර්තා අනුව තමයි සිද්ධ වෙන්නේ. ඒ වාර්තා ජනාධිපති කාර්යාලයට යවලා ඉවරයි” යැයි අමාත්‍යවරිය එහිදී ප්‍රකාශ කලා.