ශ්‍රී ලංකාව කළඹමින් පසුගිය සමයේ කතා බහට ලක්වූ එල්. ටී. ටී. ඊ සංවිධානයේ පුනරාගමනය ලෙස සැළකූ “ආවා” කල්ලියේ සාමාජිකයින් පිරිසක් “දෙරණ” රූපවාහිනී නාලිකාව සමඟ සම්මුඛ සාකච්ජාවක් පවත්වා තිබේ.
දෙරණ රූපවාහිනී නාලිකාවේ චතුර අල්විස් සමඟ ආවා කල්ලියේ නායකත්ව මණ්ඩල ප්‍රධානියා ලෙස හැදින්වෙන උදයන් සමඟ පැවැත්වූ මෙම සාකච්ජාව මීට සුලු මොහොතකට පෙර සමාජජාල මාධ්‍ය වෙත නිකුත් කල අතර මේ වනවිට එය සීඝ්රයෙන් පැතිරයමින් තිබෙනවා.
එල්.ටී..ටී.ඊ සංවිධානය පිළිබඳව දැඩි විවෙචනයක් සිදුකරන උදයන් “ආවා” යැයි පැවසු කල්ලිය පිළිබඳව දකුණේ සමාජයේ මතය සම්පූර්ණයෙන්ම වෙනස් වන ආකාරයේ ප්‍රභල අදහස් රැසක් එම සාකච්ජාවේදී ප්‍රකාශ කරනවා.
දුප්පත්කම සහ අවස්ථා නොමැතිවීම මත උතුරේ දමිළ සමාජය මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් 71වන නිදහස් දිනයේදී ඔබට නැරඹිය හැකි හොඳම සම්මුඛ සාකච්ජාව ලෙස newshub.lk අප ඔබට එම සාකච්ජාව නිර්දේශ කරනවා.
එම සාකච්ජාව ඔබට පහතින් නැරඹිය හැක.