ප්‍රංශයේ සිට චීනයේ හොංකොං වෙත ගෙනගිය අර්තාපල් තොගයක තිබී පළමුවන ලෝක යුද සමයට අයත් අත්බෝම්බයක් හමුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙය ජර්මනියේ නිෂ්පාදිත අත්බෝම්බය වන අතර අඟල් 03ක් පමණ පළල වන බව සඳහන් වනවා.
මෙය සොයාගන්නා විට අස්ථායී තත්ත්වයේ පැවති අතර පොලීසිය විසින් බෝම්බය ආරක්ෂිතව නිශ්ක්‍රීය කර තිබෙනවා.
චීනයේ නැගෙනහිර සායි කුන්ග් දිස්ත්‍රික්කයේ අල පෙති නිෂ්පාදන කම්හලක් වෙත මෙම නැව් බඩු තොගය ගෙනවිත් ඇති බව සඳහන්.
පසුගිය වසරේදී ද හොංකොංහි ඉදිකිරීම් වැඩබිමක තිබී දෙවන ලෝක යුධ සමයට අයත් බෝම්බයක් හමුවී තිබෙනවා.