සිංහරාජ වනාන්තරයේ වෙසෙන කෘමි සහ සමනල වර්ග ඇතුලූ ශාක මෙන්ම බීජවර්ග රැගෙන යමින් සිටි ස්ලෝවැකියානුවන් 05 දෙනකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොවුන් දින 03ක කාලයක් සිංහරාජ වනාන්තරයට පිවිසෙන ප්‍රධාන දොරටුව අසළ පුද්ගලික ලැගුම්හළක් වන මාටින් ලොජ්හි නැවතී සිටිමින්, රාත්‍රී කාලයේ සිංහරාජ රක්ෂිතයට ඇතුළු වී මෙම ජාවාරම සිදු කර ඇති බවටයි අනාවරණය වී තිබෙන්නේ.
මීට දින කිහිපයකට පෙර මොවුන් සිංහරාජ වනාන්තරයට ඇතුලුවීමට ප්‍රවේශපත් ලබාගැනීමේ දී මාර්ගෝපදේශකයෙකුගේ සහායද ප්‍රතික්ෂේප කර ඇති අතර ඒ සම්බන්ධයෙන් සැක සිතූ ප්‍රවේශපත්‍ර නිකුත් කරන ස්ථානයේ සහ සිංහරාජ වනපාලක කාර්යාලයේ නිලධාරීන් මොවුන් පිළිබඳ විමසිලිමත්ව සිට තිබෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙම පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට වන සංරක්ෂණ නිලධාරීන් සමත් වී ඇත්තේ.
මොවුන් එකතු කරන ලද ජීවීන් ප්‍රමාණය මෑත ඉතිහාසය තුල අත්අඩංගුවට ගන්නා ලද විශාලතම ප්‍රමාණය ලෙසයි සැලකෙන්නේ.
මෙම ජීවීන් අතර එම අවස්ථාවේදීත් ජිවී සතුන් ද විශාල ප්‍රමාණයක් සිට ඇති අතර මින් එක් පුද්ගලයකු 08 වතාවක් පමන ලංකාවට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විටත් තර්ජනයට ලක්ව ඇති දුර්ලභ සමනලුන් විශේෂ 03ක් ඇතුළුව ඔවුන් සතුව තිබී හමුවී ඇති සත්ව විශේෂ රාශියකි.
- වන්දො 09 (ප්‍රාණවත්)
- හැකරැල්ලන් 04 (ප්‍රාණවත්)
03.ගෝනුස්සන් 03
04.කෝටූ කිතයියන් 22
05.රෑ බදුල්ලන් 07
06.බිං උරන් 05
07.අදුන්වැන්නො 04
08.පත්තෑයන් 01
09.වන්දො 03
10.පළගැටියො 11
11.බත්කූරා 34
12.කුරුමිණියෝ (විවිධ වර්ග) 07
13.මකුළු වැද්දන් 01
14.රන්කුඹල්ලෝ 10
15.කැරපොත්තා 07
16.කුරුමිණියෝ (ලොකු) 26
17.කුරුමිණියෝ (පොඩි) 132
18.ටික්කො 01
19.රා බල්ලෝ (ලොකු කූඹි) 11
20.දිවි මකුළුවන් 01
21.සමනලුන් 68
22.සමනලුන් 67
23.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 102
24.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 98
25.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 90
26.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 88
27.කල්තබාගැනීමට රසායනික ද්‍රව්‍ය යෙදූ සමනලුන් 100
28.සලබයින් /බිත්තර සහිත 01 (ප්‍රාණවත්)
29.සමනලුන් වර්ග අඩංගු පාර්සල් 24
30.සමනලුන් බදුන් 01 (ප්‍රාණවත්)
31.සත්ව කෝෂ 02ක් අඩංගු කවර 01
32.රන්කුඹල් කෝෂ සහිත ගෙය 01
33.බීජ වර්ග
34.කුඩා හක්ගෙඩි 01, බූ වල්ලෙකුගෙ කොටස්,ඉකිරියන් 05
35.හදුනා නොගත් කුඩා කෘමීන් අඩංගු බදුන් 01
මීට අමතරව සැකකරුවන් සතුව තිබී අධි තාක්ෂණික කැමරා උපකරණ, අධි තාක්ෂණික Drona යන්ත්‍ර මෙන්ම සත්ත්ව මෙන්ම ශාක බහලුම්, සතුන් නිර්වින්දන රසායනික ද්‍රව්‍ය ඇතුළු උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.










