අනාගත විදුලිබල ක්ෂේත්රය පුනර්ජනනීය ප්‍රභවයන් කෙරෙහි යොමුකිරීමේ නවීන ක්රමෝපායන් සහ ඒ සම්බන්ධයෙන් නවීන තාක්ෂණික ඥානය උපයෝගී කරගැනීම පිළිබද අධ්‍යයනය කිරීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක, බලශක්ති කළමනාකරණය පිළිබඳ විශේෂ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසියකට සහභාගි වී තිබෙනවා.
මෙම සැසියේදී නිවෙස් සහ වානිජ ගොඩනැගිලිවල බලශක්ති කළමනාකරණය, ස්වයංක්‍රීයකරණය පිළිබඳ ඩිජිටල් තාක්ෂණික ක්රමෝපායන් මගින් සිදුකරගන්නා ආකාරය, ඒ සඳහා උපයෝගී කරගන්නා මෘදුකාංග පිළිබඳව විස්තර කොට තිබෙනවා.
එසේම මධ්‍යස්ථ වොල්ටීයතාව සහ ස්වයංක්‍රීයකරණ පද්ධති තුළින් ඒකාබද්ධ කළහැකි කාර්යක්ෂමතා විසදුම් ලබාගැනීමේ ක්රමෝපායන් පිළිබඳවද මෙහිදී දැනුවත් කිරීම් සිදුකර තිබෙනවා.
සිංගප්පූරුවේ ස්ථාපිත කර ඇති සුහුරු පරීක්ෂණාගාර තුළ සිදුකෙරුණ මෙම ප්‍රායෝගික සැසියේ ක්‍රියාකාරකම් සදහා සහභාගීවීම තුළින්, ශ්‍රී ලාංකික විදුලිබල ක්ෂේත්රය නව්‍යකරණයට අවශ්‍ය දැනුම් සම්භාරයක් උකහා ගැනීමට හැකිවූ බවත්, බලශක්ති කළමනාකරණය තුළින් බලශක්ති සංරක්ෂණය සහ මිල අධික බලශක්ති උප්පාදනය අවම කිරීමේ මාර්ග කරා පිවිසීමේ මාර්ගයන් පිළිබඳ ප්‍රායෝගිකව දැනගැනීමේ හැකියාවක් ලැබුණ බවත්, අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
තම සිංගප්පූරු සංචාරය තුළින් ශ්‍රී ලාංකීය විදුලිබල ක්ෂේත්රය තුළ නව තාක්ෂණිකාංගයන් රැසක් ක්‍රියාත්මක කිරීමටත්, දැනට ක්ෂේත්රය තුළ යොදාගනු ලබන ක්රමෝපායන් නවීකරණයට ලක්කිරීමටත් අවැසි තාක්ෂණික අවබෝධයක් ලබාගත් බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය අවධාරණය කර සිටිනවා.

