ස්වයංක්‍රීය වර්ෂාමාන 100ක් මිලදී ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය රුපියල් ලක්ෂ 550ක මුදලක් 2017 දෙසැම්බර් මස 21 වනදා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වෙත ලබා දී ඇතත් එම මුදලින් මිලදී ගෙන ඇත්තේ වර්ෂාමාන 64ක් පමණක් බව වාර්තා වනවා.
ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය මගින් එම මුදල් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ඔස්සේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට ලබා දී තිබෙනවා.
2017 දෙසැම්බර් මස 31 වනදා වන විටත් අදාළ වර්ෂාමාන කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට ලැබී නොමැති අතර ඒ සඳහා ලියා තිබූ චෙක්පත් 2018 වර්ෂයේ අප්‍රේල් මාසය වන තුරුත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සතුව පැවතී ඇති බවයි සඳහන් වන්නේ.
මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායකගෙන් විමසීමේදී ඔහු කියා සිටියේ මේ වන විට වර්ෂාමාන 64ක් ස්ථාපිත කර ඇති බවයි.
ඉතිරි වර්ෂාමාන සවිකරණ ස්ථාන හඳුනාගෙන අදාළ ආයතනයට දන්වා ඇති නිසා එම වැඩ අවසන් කරන තෙක් ඒ සඳහා වන මුදල් ගෙවීමට නොහැකි නිසා එම මුදල් දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ඇති බවයි.
උපුටා ගැනීම – සතිඅග අරුණ