රුපියල් අට කෝටි හැට දෙලක්ෂ අනූ පන් දහසක් (8,62,95,000) ක් වටිනා රත්තරන් බිස්කට් සහ කුට්ටි කිලෝ ග්රැම් 11 යි ග්රැම් 506 ක් තම ධීවර බෝට්ටුවේ සගවා ගෙන ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටි කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවරයින් දෙදෙනෙකු ඊයේ (02) සවස කල්පිටිය විජය නාවික හමුදා කදවුරට අයත් මුර සංචාරක යාත්‍රාවක් මගින් කල්පිටිය මුහුදු ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන ඇති බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරියබණ්ඩාර පවසනවා.
මොවුන් 33 හැවිරිදි සහ 28 හැවිරිදි පුත්තලම කල්පිටිය ප්‍රදේශයේ පදිංචි ධීවර කාර්මිකයන් දෙදෙනෙකු බවයි වාර්තා වන්නේ.
ඔවුන් ඊයේ දින සවස 5.30 ට පමණ තම ධීවර බෝට්ටුවේ මෙම රත්තරන් තොගය සගවා ගෙන කල්පිටිය “කුඩාව” නැමැති මුහුදු ප්‍රදේශය ඔස්සේ ඉන්දියාව දෙසට ගමන් ගනිමින් සිටියදී නාවික හමුදා නිලධාරීන් පිරිසක් විසින් මුර සංචාරක යාත්‍රාවකින් පැමිණ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඉන්පසු ශ්‍රී ලංකා නාවික හමුදා නිලධාරීන් මෙසේ අත්අඩංගුවට ගත් රත්තරන් තොගය සහ ඒවා නීතිවිරෝධී ලෙස ප්‍රවාහනය කරමින් සිටි ධීවරයින් දෙදෙනා ඊයේ දින සවස 6.05 පමණ වනවිට රේගු නිවාරණ අංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබෙනවා.
ටී.කේ.ජී.කපිල