මාලි රාජ්‍යයේ සාම සාධක හමුදා රාජකාරියේ යෙදී සිටියදී ප්‍රහාරයක් හේතුවෙන් මිය ගිය ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයන් දෙදෙනාගේ දේහයන් අද (02) ශ්‍රී ලංකාවට ගෙන ඒමට නියමිතව තිබුණත් එම දේහයන් ශ්‍රී ලංකාවට ගෙන ඒම ප්‍රමාදව වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ ගුවන් යානා ප්‍රමාද වීමක් හේතුවෙනුයි.
ඒ අනුව සඳුදා දිනයේදී එම දේහයන් ශ්‍රී ලංකාව ගෙන ඒමට නියමිත බව වාර්තා වනවා.
පසුගිය 25 වනදා සිදුවූ මෙම ප්‍රහාරයෙන් එවකට කපිතාන් ධුරයේ සිට පසුව මේජර් ධුරයට උසස් කළ මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රම සහ සාජන් එස්.එස්. විජේවික්‍රම ජීවිතක්ෂයට පත්වුණා.
මේ අතර ජනපති මෛත්‍රීපාල සිරිසේන අද මේජර් එච්.ඩබ්.ඩී. ජයවික්‍රමගේ නිවසට ගොස් ඔවුන්ගේ දුක සැප සොයා බැලූ අතර දේහයන් කඩිනමින් ලංකාවට ගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදුකරන බවද හෙතෙම සඳහන් කර සිටියා.