Home Local කොළඹ පැල්පත්වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා – අමාත්‍ය පාඨලී චම්පික රණවක

කොළඹ පැල්පත්වාසීන්ගේ නිවාස ප්‍රශ්නය 2024දී අවසන් කරනවා – අමාත්‍ය පාඨලී චම්පික රණවක

434
0

කොළඹ පැල්පත්වාසී ජනතාවගේ නිවාස ප්‍රශ්නය 2024 වනවිට සම්පූර්ණයෙන්ම විසඳන බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක පවසනවා.

1958 සිට 2014 දක්වා වූ කාලය තුළ පැවති ආණ්ඩු මගින් කොළඹ පැල්පත්වාසීන් සඳහා ඉදිකොට තිබුණේ නිවාස දස දහසකට ආසන්න සංඛ්‍යාවක් පමණක් බවත් ගත වූ තුන් වසර තුළ වර්තමාන ආණ්ඩුව නිවාස පහළොස් දහසක් ඉදි කොට ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

ඒ අනුව 2020 දී තවත් නිවාස 20,000ක් ඉදිකිරීමට නියමිත බවයි අමාත්‍යවරයා පැවසුවේ සුඛිත පුරවර වැඩසටහන පිළිබදව කොළඹ දිස්ත්‍රික්කයේ පළාත් සභා, පළාත් පාලන ආයතන හා මහජන සංවිධාන වල නියෝජිතයින් දැනුවත් කිරීම සඳහා ඊයේ (02) පැවැති සම්මන්ත්‍රණයක දී යි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

යෝජිත පරිපාලන නගරය වන බත්තරමුල්ලේ කාර්යාල සංකීර්ණ තුනක් ඉදි කොට කොළඹ දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය ආයතන බත්තරමුල්ලට ගෙන ඒමට කටයුතු යොදා තිබෙනවා. කොළඹ නගරය හා තදාසන්න ප්‍රදේශ අතර වඩාත් කාර්යක්ෂම ප්‍රවාහන සේවාවක් හඳුන්වා දීමේ අරමුනින් මාලබේ සිට කොළඹ වරාය නගරය දක්වා සැහැල්ලු දුම්රිය සේවාවක් ජපන් රජයේ ආධාර ඇති ව ආරම්භ කරනු ලබනවා. එහි ඉදිකිරීම් කටයුතු මේ වසරේ ආරම්භ කෙරෙන අතර පිටකොටුව ,බත්තරමුල්ල , කොට්ටාව හා කඩවත කේන්ද්‍ර කර ගනිමින් බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථාන පිහිටුවන ලබනවා. ”

එමෙන්ම කොළඹ නගරයේ කැලි කසල බැහැර කිරීම සඳහා පුත්තලම අරුවක්කාරු ප්‍රදේශයේ ඉදි කොට ඇති කසල අංගනය මාර්තු 15 වනදා විවෘත කිරීමට කටයුතු යොදා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කර සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here