ශ්‍රී ලංකා පිතිකරු කුසල් ජනිත් ඔස්ට්‍රේලියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේ පන්දුවට පහර දෙමින් සිටින අතරවාරයේ දී පන්දුවක් හිසේ වැදීම හේතුවෙන් ආබාධයකට ලක්ව තිබෙනවා.
කෙසේ වෙතත් ඔහු පළමුව නව හිස් ආවරණයක් සමගින් පන්දුවට පහරදීමටයි තීරණය කළේ.
නමුත් සුළු වේලාවකට පසු කුසල් ජනිත් පිටියෙන් ඉවත් වීමට තීරණය කළේ සුදුසු ශාරීරික යෝග්‍යතාවයකින් ඔහු පසු නොවීම හේතුවෙන්.
ඔහු වෙනුවට පන්දුවට පහරදීම සදහා යළි පිටියට පිවිසියේ ඊයේ දිනයේ දී පන්දුවක් ගෙල පිටුපස ප්‍රදේශයේ වැදීම හේතුවෙන් රෝහල් ගත කෙරුණු දිමුත් කරුණාරත්නයි.
මේ වන විට කුසල් ජනිත් වෛද්‍ය පරීක්ෂණයක් (mandatory concussion test) සදහා යොමු කර ඇති බව සදහන්.