Home Tech ලංකාවේ ශ්‍රව්‍යාබාධිතයින්ට සන්නිවේදනයේ පහසුව උදෙසා නව මෘදුකාංගයක්

ලංකාවේ ශ්‍රව්‍යාබාධිතයින්ට සන්නිවේදනයේ පහසුව උදෙසා නව මෘදුකාංගයක්

425
0

ශ්‍රී ලංකාවේ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් වෙනුවෙන් සංවාදශීලී ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක් නිපදවීමට ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු සමත්ව තිබෙනවා.

මෙම මෘදුකාංගය ශ්‍රව්‍යාබාධිත පුද්ගලයකු සහ සාමාන්‍ය පුද්ගලයකු අතර සන්නිවේදනය පහසු කරලීම වෙනුවෙන් නිපදවන ලෙසයි ඔහු සඳහන් කර ඇත්තේ.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයාට පැවසීමට අවශ්‍ය වචන, අකුරු වාක්‍ය බවට පරිවර්ථනය කිරීම මෙමගින් සිදුවන අතර මේ හරහා දෙපිරිස අතර විධිමත් සංවාදයකට මුල පිරෙන බව ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ පවසනවා.

ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන් කෘෂිකර්මාන්තයට උනන්දු කරලීම වෙනුවෙන් ඊට අදාල ශබ්දකෝෂ ද මෙම මෘදුකාංගයට එක් කිරිමට පියවර ගනු ඇති.

මෘදුකාංගය භාවිතා කරමින් කෘෂි උපදෙස් හා වගා විධි අධ්‍යනය කිරීමට ද අවස්ථාව සැලසෙන අතර ස්මාට් ජංගම දුරකථන හරහා ශ්‍රව්‍යාබාධිතයන්ට කඩිනමින් මෙම සේවාව ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පවසනවා.

වසර 2012 ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කොට ඇති වාර්තා අනුව ලංකාවේ වෙසෙන ශ්‍රව්‍යාබාධිත හා අර්ධ ශ්‍රව්‍යාබාධිත පුද්ගලයන්ගේ සංඛ්‍යාව ලක්ෂ 05 ඉක්මවනු ලබනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here