අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්රමාණය වෙමින් තිබූ ශ්රී ලංකා රුපියල මේ වන විට තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කරනු ලබනවා.
ඒ අනුව ඊයේ (01) ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව ඇමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 180.19ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 176.34ලෙස දැක්වා තිබෙනවා.
31 වනදා ශ්රී ලංකා මහ බැංකුව නිකුත් කළ විනිමය අනුපාත අනුව අමෙරිකානු ඩොලරක විකුණුම් මිල රුපියල් 181.28ක් ලෙස දැක්වූ අතර, එහි ගැනුම් මිල රුපියල් 177.41 ලෙස සටහන් වී තිබුණා.
අමෙරිකානු ඩොලරක විකුණුම් මිල 30 වනදා රුපියල් 182.70ක් ලෙස සටහන් වී තිබූ අතර, එහි ගැනුම් මිල රුපියල් 178.83ක් ලෙස සටහන්ව තිබුණා.
අමෙරිකානු ඩොලරයක විකුණුම් මිල පසුගිය දින කිහිපයේදී රුපියල් 183 හා 184 යන අගයන්වල පැවැතුණා.