මැතිවරණ කොමසාරිස්තුමාට පවතින බලතල අනුව මැතිවරණයක් පැවැත්විය නොහැකිනම් අධිකරණයට යායුතු බවද එසේ නොමැතිනම් ඉල්ලා අස්වීම සුදුසු බවද හම්බන්තොට දිස්ත්‍රීක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.
ඔහු මෙසේ පැවසූයේ ඊයේ (01) තංගල්ල කාර්ල්ටන් නිවසේදී මාධ්‍යවේදීන් වෙත අදහස් දක්වමින්.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,
”අපි මැතිවරණ කොමසාරිස්තුමාට කියන්නේ ඔබතුමාට තිබෙන බලතල වලින් මෙය ක්‍රියාත්මක කරන්න බැරි නම් ඔබතුමා අධිකරණයට යන්න. අධිකරණයෙන් ඉල්ලීමක් කරන්න මැතිවරණයක් තියන්න අවස්ථාවක් දෙන්න කියලා. නැත්නම් මේ ස්වාධීන මැතිවරණ කොමසාරිස්තුමා ඉන්නවට වඩා හොඳයි ඉල්ලා අස්වෙන එක. දැන් අවුරුදු හතරක් වැඩ නෑනේ. නිකන්නේ ඉන්නේ පූස් පැටියා වගේ. එදා මහින්ද මහත්තයගේ ආණ්ඩුවේදී සිංහයා වගේ හිටියේ. කාලෙන් කාලෙට මැතිවරණ තිබුණ නිසා. හැබැයි මහින්ද මහත්තයගේ ආණ්ඩුවෙන් පස්සේ සිංහයා පූස් පැටිය බවට පත්වෙලා. මැතිවරණ කොමසාරිස්තුමාට මැතිවරණය තියන්න ඔච්චර දුකක් තිබෙනවා නම් අවුරුදු 04ක් පරක්කු වුණ එකේ දැන් එතුමාට පුළුවන් අධිකරණයට ගිහින් නඩුවක් දාලා ඡන්දේ ඉල්ලගන්න.
ඡන්දයක් එපා කියල අධිකරණයේ නඩුවක් දාපු එකම දේශපාලන පක්ෂය බවට එක්සත් ජාතික පක්ෂය, දෙමළ සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසගත වෙනවා. කලින් නම් බලහත්කාරයෙන් ඡන්ද කල් දැම්මා. දැන් උසාවි යනව ඡන්දය එපා කියලා. ලෝකෙ තියන රටවල් වල විපක්ෂයට ගියාම මැතිවරණයක් ඉල්ලලයි උසාවි යන්නේ.”
අනීෂා මානගේ