බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව නිළ වශයෙන් ඉවත් කරගෙන ඇතැයි වාර්තා වනවා.
ඒ, බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද පිළිබඳ තහවුරු කිරීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ නිදහස් දිනයේ ලන්ඩන් නුවර දී ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයේදී කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් කළ බව කියන සිද්ධියටයි ඔහුට එරෙහිව පසුගියදා වරෙන්තුවක් නිකුත් කර තිබුණේ.