සිරගත කර සිටින ගලබොඩඅත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාවක් නොදෙන්නැයි අගමැති රනිල් වික්රමසිංහගේ බිරිද වන මහාචාර්ය මෛත්රී වික්රමසිංහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
ඇය විසින් ”ජනාධිපති සමාව අනිසි ලෙස ප්රධානය කරනු එපා ” යන ශීර්ෂයෙන් යුතුව පුද්ගලයින් හා සංවිධාන 252කගේ අත්සනින් යුතුව ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.
එම විවෘත ලිපියට මෛත්රී වික්රමසිංහ මහත්මිය සිය අත්සන ද එක්කරමින් එම ඉල්ලීම කර තිබෙනවා.