අමරිකා එක්සත් ජනපදයට බලපා ඇති දැඩි ශීත කාලගුණය හේතුවෙන් 12 දෙනකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මියගිය අය අතර අයෝවාහි විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ද වන බවයි එම මාධ්‍ය වාර්තා පෙන්වා දෙන්නේ.
මේ වන විට අමරිකානුවන් මිලියන 90කට සෙල්සියස් අංශක සෘණ 17ක දැඩි ශීතලක් බලපා ඇති බව සඳහන්.
වයස්ගත පුද්ගලයන්ට දැඩි ශීත කාලගුණය ඉතාම අහිතකර ලෙස බලපා ඇති අතර මියගිය වැඩි පිරිසක් වයෝවෘද්ධ පුද්ගලයන් වනවා.
එසේම අයිස් කඳු කඩාවැටීමෙන් ද පිරිසක් තුවාල ලබා ඇති අතර ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘණ 34 දක්වා පහත බැස තිබෙනවා.
එය ඇතැම් ප්‍රදේශවල ඉතිහාසයේ අවම උෂ්ණත්වය ලෙසයි වාර්තා වී ඇත්තේ.





/cdn.vox-cdn.com/uploads/chorus_image/image/58191031/900494134.jpg.0.jpg)
