Home Hit රේගුව අකුරට වැඩ – ඊයේ දින පාඩුව බිලියන 03ක්

රේගුව අකුරට වැඩ – ඊයේ දින පාඩුව බිලියන 03ක්

262
0

මිලිටරි අත්දැකීම් ඇති විශ‍්‍රාමික ආරක්ෂක නිලධාරියකු රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරයට පත් කිරීමට එරෙහිව පසුගිය 30 වනදා සවස ආරම්භ කළ අකුරට වැඩ කිරීමේ වෘත්තීය කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව සිදුකරන බව රේගු අධිකාරි සංගමය සඳහන් කර සිටිනවා.

මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය නිසා ඊයේ (31) වන විට රුපියල් බිලියන 03ක පමණ ආදායමක් රජයට අහිමි වී ඇතැයි ද සඳහන්.

රේගුවේ අපනයන අංශය, ගුවන් තොටුපළ කටයුතු හැර ආනයන විමර්ශන අංශය ඇතුළු අංශ ගණනාවක අකුරට වැඩ කිරීම නිසා ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ වෙළෙඳපොළට යැවීමට ද බාධා වී ඇතැයි රේගු අධිකාරි සංගමය ප‍්‍රකාශ කර සිටිනවා.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා පත් කළ යුත්තේ රාජ්‍ය පරිපාලන සේවයේ හෝ ශී‍්‍ර ලංකා රේගු සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියකු වුවත් එම නීති උල්ලංඝනය කරමින් දේශපාලන වුවමනා මත විශ‍්‍රාමික නාවික නිලධාරියකු පත් කිරීම සම්බන්ධයෙන් මෙම වෘත්තීය කි‍්‍රයාමාර්ගය අඛණ්ඩව ගෙන යන බවයි සංගමය කියා සිටියේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here