රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කොළඹ දී ඊයේ දින සවස පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඩුබායිහි නිෂ්පාදිත ” ප්‍රයිඩ් ” නැමැති දුම්වැටි ලක්ෂ 04ක් මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.
විදේශයක සිට පැමිණි නැවකින් කොළඹ වරාය වෙත ගෙනැවිත් ඇති මෙම දුම්වැටි තොගය වරාය ඉදිරිපිට ප්‍රදේශයේ ඇති කුළී පදනම මත ලබා ගත් ලොරි රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී ඊයේ (31) දින සවස 6.30ට පමණ කොළඹ කොටුව , විමලධර්ම ඔරලෝසු කුළුණ අසල දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම දුම්වැටි තොගය නීතිවිරෝධී ලෙස මෙරටට ආනයනය කළ වත්තල ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයා සොයා අත්අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් කටයුතු කරමින් සිටිනවා.
මේ පිළිබඳව මේ වනවිට මෙම ලොරි රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ටී.කේ.ජී.කපිල