නව රේගු අධ්යක්ෂ ජනරාල්වරයා පත්කිරිමට කටයුතු කළේ කැබිනට් මණ්ඩලයේ තීන්දුවකට අනුව යැයිද ඊට එරෙහි වීමට වෘත්තීය සමිතිවලට හැකියාවක් නැතැයි ද මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර අද (01) රේගු වෘත්තීය සමිති නියෝජිතවරුන්ට ප්‍රකාශ කර තිබෙනවා.
කොළඹ මුදල් අමාත්‍යංශයේ දී රේගු වෘත්තිය සමිති නියෝජිතයින් සමඟ අද පැවති සාකච්ඡාවකදී මුදල් ඇමැතිවරයා ඒ බව සඳහන් කර තිබෙනවා.
රජයේ ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යා හැකි කාර්යක්ෂම නිලධාරීන් ප්‍රධානීන් ලෙස පත්කිරිමට කැබිනට් මණ්ඩලයට බලයක් තිබෙන බවයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර ඇත්තේ.
මේ වන විට වැඩබලන අධ්‍යක්ෂක ජනරාල්වරයකු පත්කර ඇති හෙයින් ඔහුත් සමඟ කටයුතු කරගෙන යන්නැයි ද එම සාකච්ඡාවේදී අමාත්‍යවරයා වෘත්තිය සමිතිවලින් ඉල්ලීමක ද කර ඇති බවයි වාර්තාවන්නේ.