කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවලට මිරිදිය ඉස්සන් පැටවුන් ලක්ෂ 02ක් මුදාහැරිම ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නුවරඑලිය කාර්යයාලයේ නිලධාරින් විසින් අද (01) සිදුකරනු ලැබුවා.
හම්බන්තොට, කහද මොදර මිරිදිය මත්ස්යය අභිජනන මධ්‍යස්ථානයේ අභිජනනය කරන ලද ඉස්සන් පැටවුනුයි මෙසේ එම ජලාශ වලට මුදා හරිනු ලැබුවේ.
කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ධිවරයන්ගේ අදායම් තත්ත්වය ඉහල දැමිමත් වතුකරයේ ජනතාවගේ පෝෂණ තත්ත්වය ඉහල දැමිම සදහාත්, වතුකරයේ ජනතාවට අඩු මිලට මිරිදිය ඉස්සන් ලබාදිමේ අරමුණින් මෙසේ ජලාශවලට ඉස්සන් පැටවුන් මුදා හරිනු ලැබු බවයි ජාතික ජලජ ජිවි වගා සංවර්ධන අධිකාරියේ නිලධාරින් කියා සිටියේ.
මධ්‍යම පලාත් ධිවර අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ එම ජලාශවලට මුදා හැරි ඉස්සන් මාස 08ක් වැනි කෙටි කාලයක් තුල එක් ඉස්සෙක් ග්රුම් 800 දක්වා වැඩෙන බවයි නුවරඑලිය ජාතික ජලජ ජිවි වගා සංවර්ධන කාර්යාලයේ ව්‍යාපෘති නිලධාරි බුද්ධික කුෂාන් කියා සිටියේ.
එම ජලාශයට මිට ප්‍රථම මුදාහැර තිබු ඉස්සන්ගේ අස්වැන්න මේ දිනවල එම ජලාශවල ධිවරයන් විසින් නෙලා ගන්නා බවත්, එම ජලාශවලින් අල්ලා ගන්නා ඉස්සන් මිල දි ගැනිමට ප්‍රදේශයේ සංචාරක හොටල් වල හිමියන් සහ වතු කම්කරුවන්ගේ හොද ඉල්ලුමක් පැවතිම හමුවේ එම ජලාශ වල ධිවරයන්ගේ ආදායම් තත්ත්වය ඉහල ගොස් ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.



රංජිත් රාජපක්ෂ