Home Local ඇත්කඳුරෙන් වාර්තා වූයේ සේනා දළඹු විශේෂය නොවෙයි – දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ

ඇත්කඳුරෙන් වාර්තා වූයේ සේනා දළඹු විශේෂය නොවෙයි – දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂ

617
0

ගාල්ල, ඇත්කඳුර ප්‍රදේශයෙන් පසුගියදා වාර්තා වූ දෙල් සහ කොස් ගෙඩිවල හමු වූ , දළඹු විශේෂය “සේනා “ වර්ගයට අයත් නොවන බවත් එම විශේෂය “ඩයෆනියා කසෝලිස් “(Diaphania Caesolis) වර්ගයට අයත් බවත් දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂිකා ජේ. පොන්නම්පෙරුමආරච්චි සඳහන් කර සිටියා.

ඇත්කඳුර ගොවිජන සේවා බල ප්‍රදේශයේ, නුගේතොට ග්‍රාම නිලධාරී වසම තුළ දෙල් ගස් කිහිපයකින් මෙම දළඹු විශේෂය වාර්තා වි තිබෙනවා.

දෙල් වලට පමණක් නොව කොස් ඵලදාව සඳහා ද, එම දළඹු විශේෂය පැතිර යන බවත්, ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.

ලෙපිඩොප්ටෙරා ගෝත්‍රයට අයත් (lepidoptera) ෆයිරලිඩේ (pyralidae) කුලයේ දළඹු විශේෂයක් වන මෙම දළඹු විශේෂය සලබයන් මාර්ගයෙන් සිදුවන බිත්තර දැමිමෙන් බෝ විම සිදු වනවා.

රෝස පැහැයට හුරු තැඹිලි පැහයෙන් යුත් දළඹුවා මගින් අගල් භාගයක පමණ කුඩා සලබ විශේෂය හට ගන්නා අතර, බෝ විම සිදු වන්නේ ඒ මගිනි.

දළඹුවා විසින් කුඩා පත්‍ර හා ගෙඩි සිදුරු කොට හානි කිරිම සිදුවන අතර එවැනි ගෙඩි වල තැනින් තැන කළු පැහැති ලප සහ සිදුරු දැකිය හැකි බවත් එම ගෙඩි කුණු වි බිමට පතිත විමසිදුවන බවත් වාර්තා වනවා.

පවතින දේශගුණික තත්වය නිසා මෙවැනි දලඹුවන් පැතිර යාම සිදුවන බවත්, එසේ දළමුවන් මාර්ගයෙන් හානියට පත් ඵලදාවන් විනාශ කිරිමෙන් මෙම තත්වය පාලනය කල හැකි බවත් කුණු වි වැටෙන ඵලදව ගිනි තබා විනාශ කළ යුතු බවත්, නැති නම් තරමක් ගැඹුරු වලක වළ දැමිය යුතු බවත් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය පවසා සිටිනවා.

මේ පිළිබඳව සොයා බැලිම සඳහා පසුගියදා මෙම ප්‍රදේශය වෙත දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂවරිය සමග ලබුදුව කෘෂිකර්ම විද්‍යාලයේ විදුහල්පති ජි. ජි. වි. ශාමලි මෙන්ම ගොවි මහත්වරුන්ද එක්ව සිටියා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here