2008 වසරේ සිට ලංවිම අලාභ ලබමින් සිටින බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා.
ඔහු සඳහන් කරන්නේ ලංකා විදුලිබල මණ්ඩලය ලාභ ලබා ඇත්තේ වසර 3ක් පමණක් බවයි.
එම කාලසීමාව තුළ ඇමතිවරු කිහිප දෙනෙක් සිට තිබෙන බවත්, ඔවුන්ට නිර්භීත තීන්දු ගන්න බැරි වීම මේ අලාභයට හේතුව බවත් ඔහු පවසනවා.
තමන් දේශපාලනය කරන්නේ කාටවත් යටත්වෙලා නොවන බව පැවසූ රවී කරුණායක මහතා සදහන් කළේ බයවෙලා දේශපාලනයක් කරන්න බැරි බවයි.
වරින් වර ඇමතිවරු එන බවත්, තීන්දුවක් ගන්න යනකොට බයේ වෙව්ලන බවත්, ඒ තුළින් ඇතිවෙන දෙදරීම අද රටට අත්වෙලා තිබෙන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කර තිබෙනවා.
පසුගියදා පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමීන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාමයේදී උන්වහන්සේ බැහැදැකිමට ගිය අවස්ථාවේ මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න වලට පිළිතුරු දෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළා.

