පේරු රාජ්‍යයයේ විවාහ උත්සවයක් අතරතුර නාය යෑමකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
සිද්ධියෙන් පුද්ගලයින් 34 දෙනෙකු තුවාල ලබාඇති බවයි සඳහන් වන්නේ.
බෑවුම් සහිත ප්‍රදේශයක පිහිටි විවාහ මංගල්‍ය පැවති මෙම හෝටලයේ බිත්ති අධික වර්ෂාවත් සමග කඩා වැටී ඇති අතර එම අවස්ථාවේ හෝටලය තුළ පුද්ගලයින් 100කට අධික සංඛ්‍යාවක් රැදී සිටි බව වාර්තා වනවා.
තවත් පුදග්ලයින් 50 දෙනෙකු පමණ සුන්බුන් අතර සිරවී සිටින බවටයි සැක පළකරන්නේ.
එරට ආරක්ෂක අංශ බේරාගැනීමේ මෙහෙයුම් වල නිරතව සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා වල දැක්වෙන්නේ.