Home Hit වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගිවිසුමට අගමැති අත්සන් තබයි

වතු කම්කරු වැටුප් වැඩි කිරීමේ ගිවිසුමට අගමැති අත්සන් තබයි

239
0

වතු කම්කරුවන්ගේ නව වැටුප් වැඩි කිරිම සම්බන්ධයෙන් වු නව අවබෝධතා ගිවිසුමට අරලියගහ මන්දිරයේදි අග්‍රාමාත්‍යය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේදි අද (28) අත්සන් කල බව ලංකා කම්කර කොන්ග්‍රසය නිවේදනය කර සිටිනවා.

වතු හාම්පුතුන්ගේ සංගමය වෙනුවෙන් එම සංගමයේ අධ්‍යක්ෂක ජෙනරාල් කනිෂ්ක විරසිංහ සහ වතු එකාබද්ධ වෘත්තිය සමිති වෙනුවෙන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ සභාපති නුවරඑලිය දිස්ත්‍රික් පා.ම ආරුමුගන් තොණ්ඩමන්, ලංකා ජාතික වතු කම්කරු සංගමය වෙනුවෙන් එමපක්ෂයේ ප්‍රධාන ලේකම් වැවිලි කර්මන්ත රාජ්‍ය අමාත්‍යය වඩිවෙල් සුරේෂ් යන පිරිස එය අත්සන් කර තිබෙනවා.

මේ අනුව වතු කම්කරුවෙකුගේ දෛනික මුලික වැටුප රු 700 ක් වශයෙන්ද, තේ මිල අනුව දිනකට රු 50 මුදලක්ද අමතර තේ දළු කිලෝවකට රු 40 ක්ද වශයෙන් නව අවබෝධතා ගිවිසුම අනුව වතු කම්කරුවන්ට වැටුප් ගෙවිමට නියමිත අතර මාස 03ක හිග වැටුප්ද ගෙවිමට නියමිතයි.

මෙම අවබෝධතා ගිවිසුම වසර 02කට බලපැවැත්වෙන බවයි ලංකා කම්කරු කොන්ග්‍රසය කියා සිටියේ.

අද අත්සන් කෙරුණු අවබොධතා ගිවිසුමට විරෝධය පාමින් හැටන් ඇතුළු වතුකරයේ ස්ථාන කිහිපයක වතු කම්කරුවෝ විරෝධතා පැවැත්වනු ලැබුවා.

රංජිත් රාජපක්ෂ                       

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here