යාපනය, ඉලවාලෙයි පත්තාවත්ත නමැති ප්රදේශයේ නිවසක් කොල්ලකා අදාළ නිවසේ සිටි 17 හැවිරිදි දැරියක් සමූහ වශයෙන් අපයෝජනයට ලක්කළ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙකු ඇතුළු කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බව යාපනය ඉලවාලෙයි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ නිවස කොල්ලකෑම හා දැරිය අපයෝජනය සිදුකිරීමට සෘජුව සම්බන්ධවි ඇති තරුණයින් වන යාපනය, තෙල්ලිපලෙයි ප්රදේශයේ පදිංචි 28 හැවිරිදි තරුණයෙකු හා යාපනය ඒලාලෙයි ප්රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
නිවස කොල්ලකෑම වෙනුවෙන් උපකාර කළ බව කියන තවත් පුද්ගලයෙකු හා නිවස කොල්ලකා ලබාගත් රත්රන් ජාවාරමට සම්බන්ධ තවත් කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය පැවසූවේ සැකකරුවන් පසුගිය 19 වනදා සිද්ධිය සිදුකොට ඇති අතර, පොලිසිය වෙත ලද තොරතුරක් මත සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රදවාගෙන ප්රශ්න කළ බවයි.
සැකකරුවන් අද (28) මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත වන අතර සිද්ධිය සම්බන්ධයෙන් ඉලවාලෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙවනු ලබනවා.

මාධව කුලසූරිය