දමිළ භාෂාවෙන් කතා කරන නිසාවෙන් හෝ දමිළ භාෂාවෙන් පොංගල් සුබපැතුම් පණිවුඩ යෑමෙන් මහින්ද රාජපක්ෂට හෝ ඔහුගේ කණ්ඩායමට දමිළ ජනතාවගේ සිත් දිනා ගැනීමට හැකිවේ යැයි සිතීම දහවල් හීනයක් බව ජාතික ඒකාබද්ධතා සංහිඳියා රාජ්‍ය භාෂා හා හින්දු ආගමික කටයුතු අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
ඔහු පවසන්නේ රාජපක්ෂ මහතාගේ දාර්ශනික දේශපාලනය දැක ඊට වශී වීමට තරම් දමිළ ජනතාව කොණ්ඩ බැඳපු චීනුන් නොවන බවයි.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා පවතින දේශපාලන වාතාවරණය පිළිබඳ මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියා.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
”2015 වසරේදී අපි බලයට පත් වුණේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ස්ථාපිත කරන බවට පොරොන්දු වෙමින්. එහිදී ජාතික ගැටලුවට විසඳුමක්, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම යන කාරණා ගැන සාකච්ඡා වුණා. නමුත් ජාතික ගැටලුව හා විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම යන කාරණා සාකච්ඡා අසාර්ථකයි. දැන් ඒකට අවස්ථාවක් ලැබුණා. උත්සාහ කළා වැඩක් වුණේ නැහැ. දැන් ඒක ඉවරයි.
මහින්ද රාජපක්ෂලාට මේ අවස්ථාවේ ඕන උතුරේ ප්රභාකරන් කෙනෙක් බිහිවීමයි. බෙදුම්වාදය ඇතිවීමයි. ත්‍රස්තවාදී ක්‍රියා ඇති වන්නයි අවශ්‍ය. එසේ සිදුවුණොත් විතරයි මේ අයට ඔවුන්ගේ දේශපාලනය කරන්න පුළුවන් වෙන්නේ. අපි එකට අවස්ථාව දෙන්නේ නැහැ. වෙරි සොරි නැවත ප්රභාකරන් කෙනෙක් බිහි වෙන්න ඉඩ දෙන්නේ නැහැ. බෙදුම්වාදයක් එන්නේ නැහැ. උතුර නැඟෙනහිර ඒකාබද්ධ වෙන්නේ නැහැ.”
ලක්ෂ්මී ජයකොඩි