මැතිවරණය කල් දැමීමට විරෝධය පළකරමින් තමා ඉල්ලා අස්වන බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසනවා.
කොමසාරිස්වරයා මේ බව සඳහන් කර සිටියේ, මේ මොහොතේ මැතිවරණ කොමිසමේ පැවැත්වෙන මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනුයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ඔහු,
“මටත් හෘද සාක්ෂියක් තියෙනවා. මැතිවරණය කල් දැමීම වැරදියි. 2019 වසරේ නොවැම්බර් 09ත් දෙසැම්බර් 9ත් අතරතුර පළාත් සභා මැතිවරණය නියමිත පරිදි පවත්වන්න කටයුතු සම්පාදනය නොවුනොත් මා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වෙනවා” යනුවෙනි.