මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණ දඬුවම දිය යුතු බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (28) යළිත් අවධාරණය කළා.
ඒ මත්ද්‍රව්‍ය මර්දනය වෙනුවෙන් සක්‍රීය දායකත්වය දැක්වූ පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ට සම්මාන ප්රදානය වෙනුවෙන් පැවති ජනපති ප්‍රශංසා සම්මාන උත්සවයට එක්වෙමින්.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවති මෙම සම්මාන උළෙලේදී මත්ද්‍රව්‍ය මර්දනය කිරීමේ මෙහෙයුම් සඳහා සක්‍රීයව දායක වූ පොලිස් නිලධාරීන් 1034 දෙනෙකුට සම්මාන හිමිවුණා.