ශ්‍රී ලංකාවේ බිහි වූ විශිෂ්ටම ක්‍රිකට් ක්‍රීඩකයකු වන සනත් ජයසූරිය කුඩා දරුවන්ගේ තරගයක් අතරතුර හතරේ සීමාවට මෙපිට සිට එම කුඩා කණ්ඩායමේ ක්‍රීඩකයන්ට තරයේ අවවාද කරන වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලය පුරා පැතිරී තිබෙනවා.
‘‘අයිසේ, මොළේ කල්පනා කරලා මැච් එක ගහනවා. විකට් ගන්න නෙමෙයි මේඩ්න් ඕවර්ස් දාන්න. ඩොට් බෝල් වැඩි වුණාම නිකම්ම දිනන්න පුළුවන්. රිලැක්ස් එකේ සෙල්ලම් කරන්න.’’
මෙම සිදුවීම විදේශීය රටකදී සිදුවූවක්.
ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාසලක දරුවන් සහ තවත් විදෙස් රටක දරුවන් අතර පැවති මෙම තරගයට සහභාගි වූ ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ සනත් ජයසූරියගේ පුත්‍රයා වන රනුක් ජයසූරියයි.
මෙම වීඩියෝව නැරඹූ බොහෝ අය සනත්ගේ දැඩි වාග් ප්‍රහාරය පිළිබදව අතිශය සතුටුජනක අදහස් අන්තර්ජාලයට එක්කර තිබුණා. ඒ අතුරින් වඩාත් සිත්ගත් අදහසක් වූයේ
‘‘වර්තමාන ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩා කාලයේදී කවුරුන් හෝ මෙලෙස තරවටු කර තිබුණේ නම් දැන් සිටින 11 දෙනාගේ ගුණාත්මකභාවය මීට වඩා ඉහළ යා හැකිව තිබූ බවයි.’’
වීඩියෝව පහතින්.