ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා නොදෙන්නැයි ඉල්ලා, අතුරුදන් වී සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා ගේ බිරිද වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය විසින් නීතිපතිවරයාගෙන් සහ අධිකරණ අමාත්‍යවරියගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා.
ඇය එම ඉල්ලීමෙන් පවසා ඇත්තේ උන්වහන්සේට පොදු සමාවක් ලබා දුනහොත් උන්වහන්සේගෙන් අගතියට පත් පාර්ශ්ව වන තමන්, මහෙස්ත්‍රාත් හා රජයේ නීතිඥවරුන්ට කරන අසාධාරණයක් බවයි.
ඥානසාර හිමියන්ට පොදු සමාවක් නොදෙන්නැයි ඉල්ලා තමන් ජනාධිපතිවරයා වෙතද ලිඛිත ඉල්ලීමක් සිදුකරන බවයි එක්නැලිගොඩ මහත්මිය වැඩිදුරටත් පවසන්නේ.