එක්සත් ජාතික පක්ෂය කැබිනට් නොවන අමාත්‍යවරුන් තිදෙනෙකු පත්කිරීම සදහා ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.
එම පක්ෂ ආරංචි මාර්ග සදහන් කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගෙබණ්ඩාර, වසන්ත අලුවිහාරේ සහ සිඩ්නි ජයරත්න යන මන්ත්‍රීවරුන් තිදෙනා කැබිනට් නොවන අමාත්‍යවරු ලෙස පත්කිරීමට තීරණය කර ඇති බවයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කැබිනට් මණ්ඩලය 30 දෙනෙකුට සීමා විය යුතු අතර, මේ වන විට කැබිනට් ඇමැතිවරු 28 දෙනෙකු පත්කර තිබෙනවා.