පිටරටින් ගම්මිරිස් ආනයනය කිරීම නතර කළ බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසනවා.
අමාත්‍යවරයා සදහන් කරන්නේ දේශීය ගොවියා ආරක්ෂා කරමින් ඔවුන්ට සහනයක් ලබා දීම සදහා මෙම තීරණය ගත් බවයි.
එන්ටර්ප්රයිස් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ගොවීන් සඳහා ණය ලබා දීමේ දඹුල්ලේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළා.
මෙරට උඳු ගොවියා ආරක්ෂා කිරීම සදහා ආනයනික උදු කිලෝවක් සදහා රුපියල් 200ක බද්දක් පනවන බවද අමාත්‍ය පී. හැරිසන් මහතා පවසා තිබෙනවා.