වල්ලපට්ටා තොගයක් නීති විරෝධී ලෙස ඩුබායි වෙත රැගෙන යාමට තැත් කළ විදේශිකයෙකු සහ ඔහුගේ රියැදුරා කටුනායක ගුවන් තොටුපොළ පිටත් වීමේ පර්යන්තයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
52 හැවිරිදි සැකකරු අරාබි එමිර් රාජ්‍යයේ වැසියෙක් වන අතර, 42 හැවිරිදි ඔහුගේ රියැදුරා කොළඹ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ඔහු සතුව තිබූ ගමන් මල්ලේ පාර්සල් තුනක කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 620ක පමණ වල්ලපට්ටා ප්‍රමාණයක් තිබී ඇති බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
සැකකරුවන් මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර, ඔවුන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප නියම කර තිබෙනවා.