රැඳවුම් නියෝග මත රඳවා ප්රශ්න කළ සැකකාරියකගෙන් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.
මෙම සැකකාරිය සහ තවත් සැකකරුවන් දෙදෙනෙකු පසුගිය 21 වැනිදා කාර් රථයකින් ගමන් කරමින් සිටියදී බණ්ඩාරගම ගල්තුඩේ පාලම අසලදී අත්අඩංගුවට පත්වූයේ හෙරොයින් මිලිග්රෑම් 1520ක් සහ කේරළ ගංජා කිලෝ 5ක් ද සමගයි.
ඒ, පානදුර කොට්ඨාස නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් කළ වැටලීමකදීයි.
අනතුරුව වැඩිදුර විමර්ශන සඳහා මොවුන් දින 07ක් රඳවාගෙන ප්රශ්න කිරීමට නියෝග ලබාගෙන තිබුණා.
එහිදී කළ ප්රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ මොවුන් ගමන්ගත් කාර් රථය 2019.01.01 දින කළුතර උතුර පොලිස් වසමේදී පුද්ගලයෙකුට වෙඩි තැබීමට භාවිත කළ එකක් බවයි.
සැකකාරියගේ ප්රකාශ මත සැකකරුවන් කුිලී පදනම මත රැඳී සිටි පලාතොට ප්රදේශයේ නිවසක් ඊයේ දිනයේ පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කළ අතර, එහිදී රිවෝල් වර්ගයේ ගිනි අවියක්, සජීව පතරොම් 05ක්, ජාවාරම් සඳහා යොදාගත් ජංගම දුරකථන සහ ජාවාරම්වල ගනුදෙනු සම්බන්ධ සටහන් පොත් දෙකක් ද පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා.
ඊට අමතරව මෙම සැකකරුවන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අපරාධකරුවෙකු සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවටද තොරතුරු අනාවරණය වී ඇති බව පොලිසිය පැවසුවා.
සැකකාරිය හා සැකකරුවන් අද (27) පානදුර මහෙස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.