ප්‍රියංකා ගාන්ධි පෙබරවාරි 04 වැනිදා නිල වශයෙන් දේශපාලන කරළියට පැමිණෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසනවා.
හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධිගේ සහ කොංග්රස් පක්ෂ නායිකා සෝනියා ගාන්ධිගේ දියණිය වන ඇය සිය සොහොයුරා වන රාහුල් ගාන්ධි සමග ඒකාබද්ධ මාධ්‍ය හමුවක් පැත්වීමට ද නියමිත බවයි වාර්තා වන්නේ.
47 හැවිරිදි ප්‍රියංකා ගාන්ධි මීට පෙර පවසා තිබුණේ දරුවන් වෙනුවෙන් කාලය කැපකිරීමට අවශ්‍ය නිසා දේශපාලනය නොකරන බවයි.
එහෙත් ඇය මෙවර ජාතික මැතිවරණයේදී කොංග්රස් පක්ෂය නියෝජනය කරමින් උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ නැගෙනහිර කොටසින් ඡුන්ද සටනට පිවිසෙනවා.