පොල්තෙල්වලට නව ලේබලයක් හදුන්වා දීමට පොල් සංවර්ධන අධිකාරිය තීරණය කර තිබෙනවා.
පාරිභෝගිකයන්ට කළවම් නොකළ පිරිසිදු පොල්තෙල් ලබා දීමේ අරමුණින් මෙම තීරණය ගත් බවයි එම අධිකාරිය පවසන්නේ.
පොල් සංවර්ධන අධිකාරිය සදහන් කරන්නේ ‘පිවිතුරු පොල්තෙල්’ නමින් මෙම නව ලේබලය නිකුත් කිරීමට කටයුතු කරන බවයි.