ඉන්දියාවෙන් මෙරටට ගෙන් වූ ද්විත්ව බලවේග කට්ටල උත්තරාදේවි දුම්රිය ‘මතින් නිදහස් රටක්’ යන තේමාව යටතේ කොළඹ කොටුවේ සිට යාපනය දක්වා අද ගමන් ආරම්භ
කළා.
දුම්රිය බලවේග කට්ටලය ජනතා අයිතියට පැවරීමේ උත්සවය පෙරවරු 5.30ට පමණ පැවැත්වුණේ අමාත්‍ය අර්ජුණ රණතුංග සහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන්.
ඒ අනුව දුමරිය කන්කසන්තුරේ බලා ගමන් ආරම්භ කළා.
මැදිරි 06කින් සමන්විත උත්තරාදේවී දුම්රිය වායුසමනය කළ මැදිරි දෙකකින් ද සමන්විත වන අතර, එහි මගීන් 724 දෙනෙකුට ගමන් කළ හැකියි.