හඳුනාගත් ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් 24ක් රටින් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටිනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මත්ද්‍රව්‍ය නිවාරණය පිළිබඳව සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
එම ජාවාරම්කරුවන්ගේ දේපළ හඳුනාගනිමින් සිටින බවත් එම දේපළ රාජසන්තක කිරීමට කටයුතු කරන බවත් ඔහු මෙහිදී සඳහන් කළා.