බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු බ්‍රිතාන්‍යයේ සියලුම පොලිසිවලට අවශ්‍ය කරන අයකු ලෙස වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විනිසුරුවරිය වූ සෝනියා හෙන්ස්ලේ විසින් නම් කර තිබෙනවා.
බ්‍රිගේඩියර්වරයාට එරෙහිව කොටි ඩයස්පෝරාව ගොනු කළ නඩුවට විදේශ කටයුතු බලධාරීන් නීතිවේදියකු ඉදිරිපත් නොකිරීමේ හේතුවෙන් මෙය සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.
ඒ වෙනුවට විදේශ කටයුතු බලධාරීන් වෙස්ට්මිනිස්ටර් විනිසුරුවරියගේ තීන්දුව හෙළා දැකීම විහිළුවක් බව ලන්ඩන් නුවර ගෝලීය ශ්‍රී ලංකා සංසදයේ නීතිවේදියෙක් සඳහන් කර සිටිනවා.
එහිදී අදහස් දක්වමින් නීතිවේදියා සඳහන් කර සිටියේ,
”බ්‍රිගේඩියර්වරයා අත්අඩංගුවට ගන්නැයි විනිසුරුවරියවරෙන්තු නිකුත් කරන තුරු අපේ අය බලා සිටියා. මෙය යුද හමුදාවට ලැඡ්ජාවක්.”
ලන්ඩන් නුවර ශ්‍රී ලංකා නීතිවේදීන් 10 කට අධික පිරිසක් සිටින බවත් වාර්තා වනවා.
කීර්ති වර්ණකුලසූරිය