ස්වභාව ධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ අද (25) සිංගප්පූරුවේ දී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදුකරමින්.
මෙහි දී සමුළුව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයෙකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවයි.
මිනිසාට ජීවත්වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත්, පරිසර හිතකාමී ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් අද අපගේ ප්‍රධාන වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට කලාපීය සහයෝගිතාව වර්ධනය කර ගැනීමේ වැදගත්කම ද අවධාරණය කර සිටියා.



