විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන ආ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු අද (25) අලුයම කටුනායක ගුවන් තොටුපළේ දී රේගු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මොහු පන්නල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි සුළු පරිමාණ ව්‍යාපාරිකයෙකි.
ඔහු අද දින අලුයම 5.32 ට ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ FZ – 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ, එහි කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ” හරිත මාවත ” ඔස්සේ ගුවන් තොටුපළෙන් පිටව යෑමට තැත් කරමින් සිටියදී රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එහිදී ඔහු විසින් ගෙන විත් තිබූ ගමන් මලු වල රුපියල් 19,14,000ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි වර්ග දෙකක 34,800ක් අඩංගු දුම්වැටි කාටූන් 174 ක් සගවා ගෙන තිබෙනවා.
ටී.කේ.ජී.කපිල