යාපනය, කන්කසන්තුරය වීදියේ ඉන්ධන පිරවුම් හළක් ඉදිරිපසදි විදුලි කණුවක් කැබ් රථයක් මතට කඩා වැටීමෙන් ඊයේ (24) සවස අනතුරක් සිදුව ඇති බව කන්කසන්තුරය ප්රදේශවාසීන් පවසනවා.
ප්රදේශවාසීන් පැවසූවේ කරෙයිනගර් ප්රාදේශීය ලේකම් කාර්යාලයට අයත් වාහනයක් කරෙයිනගර් සිට පේදුරුතුඩුව දක්වා ගමන් කරමින් සිටියදී අනතුර සිදුව ඇති බවයි.
කැබ් රථය මාර්ගයේ ගමන් කරන අවස්ථාවේ මාර්ගයට පැමිණි සුනඛයෙකු බේරා ගැනීමට කැබ් රථ රියදුරු උත්සහ කිරීමේදී රථය මාර්ගයෙන් ඉවතට පැන විදුලිකණුවක ගැටීමෙන් කණුව කැඩී කැබ් රථය මතට පතිත වී තිබෙනවා.
අනතුරින් කැබ් රථයේ ගමන් කළ ප්රාදේශීය ලේකම්වරයා හා රියදුරු කරදරයකින් තොරව බේරී ඇති බවද ප්රදේශවාසීන් සඳහන් කර සිටියා.
මාධව කුලසූරිය