ජපාන විදේශ කටයුතු අමාත්‍යාංශය විසින් පිරිනමන වාර්ෂික ජපාන විදේශ අමාත්‍ය ප්‍රසංශා සම්මානයෙන් ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙක් පිදුම් ලබා තිබෙනවා.
ඒ, කලාකීර්ති සුමිත්‍රා පීරිස් මහත්මිය හා දීපාල් සුමන්ත්රී ගුණරත්න මහතායි.
එම සම්මාන ද්විත්වය 2018 වසරට අදාළව ලබාදී තිබෙනවා.
ඔවුනට සම්මාන ලබාදීම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුජියාමා මහතා විසින් ඔහුගේ නිල නිවසේ පැවැති උත්සවයකදී පිරිනමනු ලැබුවා.