ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් අභියාචනාධිකරණ සභාපතිධුරය සදහා යෝජනා කර එවන ලද නම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් දෙවැනි වරටත් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
අභියාචනාධිකරණ සභාපතිධුරය සඳහා ජනාධිපතිවරයා විසින් මීට සති දෙකකට පෙර ද එම නම යෝජනා කර ඇති අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභා සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.
කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස්ව ඇති අතර, එහිදී මේ පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ජා කර තිබෙනවා.