කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ අමාත්‍යධුර සංශෝධනයක් සිදුව තිබෙනවා.
ඒ අනුව සමාජ සවිබල ගැනීවීම් කැබිනට් අමාත්‍ය ධුරයේ කටයුතු කළ දයා ගමගේට එම ධුරයට අමතරව ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යය ධුරය ද හිමිව ඇති බව වාර්තා වනවා.
සංචාරක සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ කටයුතු කරන රංජිත් අලුවිහාරේ හට වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය ධුරය ද හිමිව තිබෙනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ නියමය පරිදි ජනාධිපති ලේකම් උදය ආර්.සෙනවිරත්න විසින් මීට අදාළ අති විශේෂ ගැසට් නිවේදනය ඊයේ (24) දිනයේ නිකුත් කර තිබෙනවා.