2019 අයවැය ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා ඇතුළත් කළ යුතු යෝජනා ඇත්නම් පෙබරවාරි මස 11 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර, එහි තේමාව වන්නේ ‘‘ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක්’’ යන්නයි.
අයවැය – 2019 සඳහා වන තම යෝජනා
අධ්යක්ෂ ජනරාල්,
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
මහ ලේකම් කාර්යාලය, කොළඹ – 01 යන ලිපිනයට හෝ,
bdgtpro@mo.treasury.gov.lk යන විද්‍යුත් තැපෑලට යොමු කරන්න.