‘සේනා’ දළඹුවා මෙන් බඩඉරිඟු වගාවට සහ වී වගාවට හානි කරන තවත් දළඹු විශේෂයක් දිඹුලාගල, මනම්පිටිය, වෙල්යාය ප්‍රදේශයේ ගොයමක සිටියදී ඊයේ (23) ගොවි මහතෙකුට හමුවී තිබෙනවා.
මනම්පිටිය, දළුකාන ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි එස්. ප්‍රේමදාස නම් ගොවිමහතාට ඔහුගේ කුඹුරේ ගොයම් කොළවල සිටියදී අදාළ දළඹුවා හමුවී තිබෙනවා.
එම දළඹුවා ගොයම් කොළද කා ඇති අතර, එවැනි දළඹුවන් තම කුඹුරේ තවත් දැකිය හැකි බවත්, අනිකුත් වී වගාවන්ට මෙන් භෝග වගාවටද වැලඳීමට පෙර මේ පිළිබඳ විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවයි ඔහු සඳහන් කර සිටින්නේ.
මේ සමබන්ධයෙන් අප කළ විමසීමකදී දිඹුලාගල මහවැලි කොට්ඨාස කළමනාකාර තුසිත හේරත් පවසා සිටියේ,
“සේනා දළඹුවා පිළිබඳ මනම්පිටිය ප්‍ර‘දේශවලින් වාර්තා වුණා. නමුත් ගොයමට හානි කරන ඔය කියන දළඹුවා පිළිබඳ අපි දන්නේ නැහැ. අපි ඒ පිළිබඳ කෘෂිකර්ම උපදේශක දැනුවත් කරලා වහාම පරීක්ෂණයක් කරනවා. ගොයමට හානි කරනවා නම් ඒක ලොකු අවදානමක්” යනුවෙනි.
උපුටා ගැනීම – අද පුවත්පත (නිමල් ජයරත්න)